කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු (Cinnamon Powder & Cinnamon Charcoal Teeth Powder).

 කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු (Cinnamon Powder & Cinnamon Charcoal Teeth Powder).


වසර 5000 කට වැඩි ඉතිහාසයක් ඇති මෙම කුරුදු ශාකය අප මුතුන් මිත්තන් විසින් කුලුබඩු සදහා ප්‍රයෝජනයට ගෙන ඇති අතර ඒ හරහා ශරීරයට වැළදෙන බෝ වෙන සහ බෝ නොවෙන ලෙඩ රෝගයන් ගෙන් ආරක්ෂා වීමට කටයුතු කර ඇති බව ඉතිහාසය විසින් සාක්ෂි දරයි.දේශීය මෙන්ම විදේශීයවද මෙම කුරුදු ශාකය ප්‍රචලිතව ගොස් ඇත්තේ මෙහි ඇති ගුනය පිළීබදව දැන සිටි බැවිනි.ඒ අතරින් වත්මන් ලෝකයේ කිසිවෙකුටත් විශ්වාස කල නොහැකි ඊජීප්තුවේ පිරමීඩ සදහන් කල හැකියි.එහි තැම්පත් කර ඇති මෙතෙක් දිරාපත් නොවන ශරීරයන් සුවදවත් කිරීමට මෙන්ම දීර්ඝ කාලයක් ආරක්ෂා සහිතව තබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් රැගෙන යන ලද කුරුදු භාවිතයට රැගෙන ගොස් ඇති බවද භාවිතයට ගෙන ඇති බවද පරීක්ෂණයන් ගෙන් හෙලි වී ඇත...

එමෙන්ම එම කාල වකවානුවේදී රෝමයේ එකල ඖෂධයක් වශයෙන් ප්‍රයෝජනයට ගත් මිදිවලින් පෙරා ගන්නා ලද වයින් සුවදවත් කිරීම සදහාත් ආරක්ෂාකර ගැනීමට ඖෂධීය ගුණය වැඩිකර ගැනීම සදහාත් භාවිතා කර ඇති අතර කුරුදු ැගෙන යාම සදහා යුරෝපා ජාතීන් පැමිණිමටත් න්පසු අප රට ආක්‍රමණය කරමින් යටත් කර ගැනීමටත් මෙම කුරුදු ශාකයේ වටිනාකමද බෙහෙවින් බලාපා ඇත යන්න විශ්වාස කල හැක.එමෙන්ම මුස්ලිම් ජාතිකයන් අප රටට වෙළද කටයුතු සදහා පැමිනෙන්නේද,මෙම කුරුදු ඇතුලත් කුලුබඩ රැගෙන යාමට බව ඉතිහාසය සදහන කරයි.


එසේම එකල සිටි හෙළ වෙදදුරන් විසින් බෙහෙත් තෙල් සිද ගැනීමට,හෙළ වෙදකමට අවශ්‍ය කසාය මෙන්ම එක් එක් බෙහෙත් වර්ග සකස් කර ගැනීමටත්,දේශීය කුලුබඩුවක් වශයෙන්ද එදා මෙදා දක්වාත් නොනැසී මහජනතාවට සේවය සැලසීම සදහාත්,සෑම අයෙකුගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි අයුරින් පවත්වා ගනිමින් නිරෝගී විමටත්,විශ්වය විසින් ලබා දී ඇති ඉතා අනර්ඝ ඖෂධ ගුණයෙන් යුක්ත ශාකයක් වේ.

සෑම අවශ්ථාවකදීම බොරුවෙන් වංචාවෙන් හෙළ සිංහලයන් වන අප රටට අයත් සෑම දෙයකින්ම එදා සිට වර්තමානය දක්වාම ප්‍රයෝජනයට ගන්නා බටහිර ජාතින් විසින් මෙම දේශීය කුරුදු ශාකයේ සියලුම කොටස් උපයෝගී කර ගනිමින් ඈත අතීතයේදී මෙන්ම වර්තමානයේදී පවා මහත් ‍ප්‍රයෝජනයට ගනිමින් සිටින බව දැනගත යුතුයි.එහෙත් අප විසින් එහි වටිනාකම නොදන්නා මෙන් අත්හැර දමා ඇති බව කණගාටුවෙන් වුවත් දැනුම් දෙන අතර ඒවා ප්‍රයෝජනයට ගනිමින් අනාගත පරපුරට උරුමකර දීම අප සතු යුතුකම විය යුතුයි.

කුරුදු දර අගුරු කුඩු (Cinnamon Charcoal Teeth Powder).

අතීත මුතුන් මිත්තන් විසින් කුරුදු ගසේ සෑම කොටසක් මෙන්ම කුරුදු ගසේ අගුරු පවා අපතේ නොහැර එක් එක් කාර්යන් සදහා යොදා ගන්නා ලද අතර දත්වල ආරක්ෂාව මෙන්ම ශරීරයේ විෂබීජ හරණය සදහාද,දිලීර,බැක්ටීරීයා සහ කොරෝනා වෛරස් වැනි වෛරසයන්ගෙන්ද ආරක්ෂාවීමට යොදා ගෙන ඇත.

දත් ආරක්ෂා කිරීම,දත් ශක්තිමත් කිරීම,දත්වල බැදෙන මැලියම් බුලත් කහට ඇතුලු සියලුම කහට ඉවත් කර සුදෝ සුදුවන් දත් දෙපෙළක් ඇති කිරීමටත්,වීදුරුමස ආරක්ෂා කිරීමටත්,සහ මුඛයෙන් හමන දුගද නැති කිරීමටත් මෙම කුරුදු දර අගුරු භාවිතා කර ඇත.කුරුදු ගසේ ඇති ඹෘෂධීය ගුණය ඒ සදහා ඉවහල් වෙන බව ඔවුන් විසින් දැන සිටිනා ලදී.

සියයට සියයක්ම කුරුදු ශාකයේ දර සහ කොටස් උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කර ඇත.අතර වර්තමානයේ ලොකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය මැඩ පවත්වා ගැනීම පිණීස මුඛය ආරක්ෂාකාරී වේ.

ප්ලෝරයිඩ් හා වෙනත් රසායනික සංයෝග අඩංගු දත් බෙහෙත් වර්ගයන් මහජනතව විසින් ප්‍රයෝජනයට ගැනීමට ප්‍රථම කාල වකවානුවේදී අතීත මුතුන් මිත්තන්ගේ දත් ශක්තිමත්ව තබා ගැනීමින් දත් ආක්ෂා කරගෙන ඇත්තේ මෙම කුරුදු ගසින් ලබා ගන්නා ලද අගුරුය.ක්‍රමක් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවතට ගොස් රසායනික සංයෝග අඩංගු දත් බෙහෙත් වර්ගයන් දේශීය වශයෙන් ප්‍රචලිතව ගියද?වර්තමානය වන විට බොහෝ සේ දත් දිරා යමින් පීඩාවට පත්වෙන ළමුන් මෙන්ම දෙමව්පියන් වැඩිහිටි පිරිස් විශාල වශයෙන් දක්නට ලැබෙන අතර එයින් හැගී යන්නේ දත් ආරක්ෂාවීමද,ආරක්ෂා නොවීමද,ඒ සදහා බලපාන හේතුන් කුමක්ද යන්න පිළීබදව තම තමන් විසින්ම සිහි එළවාගෙන තම මනසින් සිතා බැලිය යුතුයි.

එබැවින් වර්තමානයේ දිවි ගෙවන අප දරු දැරියන්ගේ සහ අනාගත පරපුරේ දත් ආරක්ෂා කර ගනිමින් සුදෝ සුදුවන් දත් දෙපෙලක් තම ජීවත කාලය පුරාවට පවත්වාගෙන යාම පිණීස අතීත මුතුන් මිත්තන් වන හෙළයන් විසින් භාවිතා කරන ලද මෙම කුරුදු ශාකයේ අගුරු වල ඇති ඖෂධ ගුණය ප්‍රයෝජනයට ගත යුතුයි.එමෙන්ම එය වත්මන් සහ අනාගත පරපුරට උරුම කර දිම අප සතු යුතුකමයි.

කුරුදු දර අගුරු කුඩු Cinnamon Charcoal Powder.

සියයට සියයක්ම කුරුදු ශාකයේ දර සහ කොටස් උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කර ඇත.අතර වර්තමානයේ ලොකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය මැඩ පවත්වා ගැනීම පිණීස මුඛය ආරක්ෂාකාරී වේ.

පාවිච්චියට උපදෙස්.

• දිනකට දෙවරක් උදය අවදි වීමෙන් පසු හා නින්දට යාමට පෙර දත් මදින්න. 

• දත්කුඩු ස්වල්පයක් තම අල්ලට ගෙන දඹරැගිල්ල උපයෝගී කර ගනිමින් දත් මැදීමට හැක.එසේ නොවන්නේ සියුම් කෙදි සහිත නම් ටුත් (Tooth Brush) බ්‍රස් එකක් ආධාර කර ගනිමින් භාවිතා කල හැක..

• තම ඇගිල්ලේන් දත් මැදීම සිදු කරනු ලබන්නේ නම් දත් මැදීම සිදුකර අවසන් වූ පසු ටූත් බ්‍රස් (Tooth Brush) එකක් උපයෝගී කරගෙන අගුරු කුඩු තම දත් අතරින් මුවෙන් සහ දිවෙන් ඉවත්ව යනතෙක් හොදින් මදින්න.

• ඉන්පසු කිහිප වරක් මුඛය හොදින් සොදා ජලය ඉවතට දමන්න.

• කුඩා දරුවන් මෙම කුරුදු දර අගුරු වලින් දත් මැදීම සිදුකරන අවශ්ථාවන්හිදී මෙම අගුරු කුඩු ගිලීමට උත්සාහ දරන බැවින් ඒ සදහා දෙමව්පියන් අවධානයෙන් සිටිය යුතුයි.

• දරුවන්ගෙන් ඈත්කර තබන්න.

කුරුඳු අඟුරු මත පදනම් වූ ශරීර සේදීම යහපත්කමෙන් පිරුණු නලයකි! කුරුලෑ සටන්කරුවෙකු, ප්‍රතිඔක්සිකාරකයක් සහ විෂබීජ නාශකයක් වන අතර එය ඔබේ සම සුමට කරයි, මිය ගිය සමේ සෛල ඉවත් කර ඔබේ සම පැහැපත් කරයි. අඟුරු යනු අත්හදා බැලූ සහ පරීක්ෂා කරන ලද පිරිසිදු කිරීමේ කාරකයකි.

අඩංගු දේ.

• වියලි කුරුදු දර. 

• කොත්තමල්ලි. 

• කරාබුනැටි.

• කුරුදු කුඩු.

• ඉගුරු පියලි.

• උලුහාල්.

සියලුම විමසීම්. සහ නිවසට ගෙන්වා ගැනීම සදහා අගුරු කුඩු පැකට් එකක් රුපියල් පණහක් වෙන අතර පැකට් ඕනෑම්ප්‍රමාණයක් එවීමට කටයුතු කරනු ලැබේ. 

1. පැකට් පුමාණය අනුව තැපැල් මගින් එවිමට හැකි බැවින් පැකට් ප්‍රමාණයට නියමිත මුදලට අමතරව තැපැල් ගාස්තු වශයෙන් රුපියල් පණහක මුදලක් අවශ්‍ය කෙරේ.

02. එහෙත් පැකට් ප්‍රමාණය හයකට(06) වැඩි වන්නේ නම් තැපැල් ගාස්තු වශයෙන් රුපියල් සියයක් එවීම කල යුතුයි. 

03.ඔබගේ අවශ්‍යතාවය අනුව එවනු ලබන සියලුම මුදල් එස් ජේ සිල්වා,මහජන බැංකුව ගණේමුල්ල ශාඛාව ගිනුම් අංකය 332-2-001-3-0023460 යන ගිණුමට බැරකර මුදල් තැම්පත් කිරීමෙන් පසු එම රිසිට්පත පහත දුකතන අංකයට ඔබගේ නිවරදි ලිපිනය සමගින් වට්ස්ඇප් කරන්න.

තැපැල් හෝ මුදල් ඇනවුමක් මගින් ලබා ගන්නට අදහස් කරන්නේ නම් ලබන්නාගේ නම් එස් ජූඩ් සිල්වා ගෙවන කාර්්‍යාලය ගණේමුල්ල යනුවෙන් සදහන් කර පහත ලිපිනයට යොමු කරන්න.


එල්ලය කුරුදු කුඩු,කුරුදු දර අගුරු නිෂ්පාදනය සහ බෙදාහරින්නෝ....කීර්තිමාවත අසල,නො 56 බී,තිබ්බොටුගොඩ,ගණේමුල්ල.

දුරකතන අංක 0718669451,0332262409.

වෙබ් පිටුව www.srilankaelle.com සහ www.kangenwatersrilanka.com

යූටියුබ් Sri Lanka Elle පේස්බුක් Elle Paper`







Comments